එන්නත් විදගෙන ක්‍රීඩාකළ නඩාල්ට ලෝක ශූරතාවක්


කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාගෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලෝක ශූර රෆායෙල් නඩාල් මෙවර ශූරතාව ජයග්‍රහණය කර තිබේ.

ස්පාඤ්ඤ ජාතික නඩාල් තම දිගුකාලීන ප්‍රතිවාදීන් වූ රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවික් පසුකරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21කට ළඟා වූ පළමු වැනි පිරිමි ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වූයේ ඩැනියල් මෙඩ්විඩෙව් පරදවමිනි.

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබානොගෙන තරගාවලියට සහභාගී වීම නිසා "සෞඛ්‍ය සහ යහපත් පිළිවෙළ" මත ජොකොවික්ගේ වීසා බලපත්‍රය ඔස්ට්‍රේලියාව අවලංගු කිරීමෙන් පසුව ඔහුට මෙවර තරගාවලිය අහිමි වූ අතර, රටින් පිටුවහල් වීමටද සිදුවිය.

නඩාල්ගේ ජයග්‍රහණයෙන් පසුව ජොකොවික්ද නඩාල්ට සුබපැතුම් එක්කර තිබුණත්, එය ෆෙඩරර් විසින් එකතු කර තිබූ සුබපැතුම මෙන්, හදවතට දැනෙන සුබපැතුමක් නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles