අවදානම් අඩු යැයි සැලකෙන රටවලින් ගුවනින් පැමිණෙන, එන්නත් ලබා ගත් සංචාරකයින් සඳහා තායිලන්තය සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට සැලසුම් කරන බව අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා පවසයි.
ඒ අනුව එලැඹෙන නොවැම්බර් 01දා සිට එන්නත් ලබාගත් සංචාරකයන් සඳහා තායිලන්තය විවෘත කිරීමට සූදානම් වෙයි.
බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.