එන්නත් ලබාදීම කඩිනම් කිරීමට සියලු සහාය ඉල්ලයි


කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයට අකුල් හෙළීමකින් තොරව, එය වේගවත් කිරීමට සහයෝගය දැක්වීමට ඉතාලි දේශපාලඥයන් ක්‍රියාකළ යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා පවසයි.

වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදයට මෑතකදී ආසාදනයන් වැඩිවීම එන්නත් කිරීමේ වැඩසටහනට නව වේගවත්බවක් ලබාදී ඇති බවත්, වැඩිහිටි ජනගහනයෙන් 40% කට ආසන්න සංඛ්‍යාවක් තවමත් එන්නත් ලබාගෙන නොමැති බව රජය සැලකිලිමත් වී තිබේ.

තවමත් එන්නත ලබා දී නොමැති අය අතර ඉතාලියේ විශාලතම පක්ෂය වන රයිටිස්ට් ලීගයේ ප්‍රධානියා වන මැටියෝ සල්විනි ද සිටියි. ඉතාලියේ අන්ත දක්ෂිනාංශිකයන්ට නායකත්වය දෙන ජෝර්ජියා මෙලෝනි වැනි අනෙකුත් ප්‍රමුඛ පුද්ගලයන් ඔවුන්ට එන්නත ලබා දී ඇත්දැයි කීම ප්‍රතික්ෂේප කර තිබේ.

සෞඛ්‍ය ව්‍යාපාරයට ඔවුන් මෙසේ සහයෝගය ලබාදීමට අපොහොසත් වීම නිසා ඉතාලියේ දැන් කතාබහට ලක්ව ඇති "වැක්සීන් එපා" වැනි ව්‍යාපාරයකට ඔවුන් අවතීර්ණ වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

"කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි" ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඉතාලියේ අද (19දා) දිනයේ ආසාදිතයන් 2,072ක් වාර්තා වූ අතර එය සතියකට පෙර 888ක් විය. සති හතරක සාමාන්‍යයට වඩා 268%ක වැඩිවීමකි. සංසන්දනාත්මකව බලන විට ඉරිදා මරණ තුනක් සහ සඳුදා හතක් වාර්තා වී ඇත. එය පසුගිය අගෝස්තු මාසයෙන් පසු අඩුම මට්ටම් වේ. කොරෝනා මරණවලට එරෙහිව එන්නත් 100% පමණ ආරක්ෂාවක් දී ඇති බව දත්ත පෙන්වා දෙයි.



Recommended Articles