එන්නත් ලබා නොගත්තවුන් කොවිඩ් පතුරුවනවා - ෆවුසි


එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වනවිට වසංගතය ව්‍යාප්ත කරන නවතම වාහකයන් බවට පත්ව ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝවන හා වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම පුද්ගලයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේද ප්‍රධාන වෛද්‍ය උපදේශක වන වෛද්‍ය ඇන්තනි ෆවුසි අද (01දා) කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ නවතම වසංගත වාහකයන් බවට පත්වී ඇති බවය.

ෆවුසි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසුවේ, "අපේ රටේ මිලියන 100ක ජනතාවක් සිටිනවා. ඔවුන් එන්නත් කිරීමට සුදුසුකම් ලත් නමුත්, එන්නත් ලබා නොගත් අයයි."

"මෙම පුද්ගලයින්ගේ මනස වෙනස් කිරීමට, ඔවුන්ට එන්නත ලබාගැනීම පහසු කරවීමට, එය ලබාගැනීමේ වැදගත්කම ඒත්තු ගැන්වීමට, ඔවුන් වෙත එන්නත ලබා ගැනීමට කිසියම්ම හෝ දෙයක් කිරීමට අපි ඇත්තෙන්ම වහ වහා කටයුතු කළ යුතු වන්නේ, ඔවුන් නිසා මේ වෛරසය පැතිරීම වේගවත් වන නිසයි" ඔහු පැවසීය.

එක්සත් ජනපදය සිකුරාදා දිනයේ කොවිඩ්-19 හි නව ආසාදිතයන් 100,000කට වඩා වාර්තා කළ අතර, එය පෙබරවාරි මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදනවල වැඩිවීමයි.



Recommended Articles