එන්නත් යුද්ධය ඇරඹෙයි - ඉතාලිය ඔස්ට්‍රේලියා යන එන්නත් තොග අවහිර කරයි


යුරෝපීය සංගමය සහ එන්නත් නිෂ්පාදකයන් අතර දීර්-කාලයක් පවතින ආරවුල තවත් දුරදිග යමින් යුරෝපීය සංගමයේ බලතල භාවිත කරමින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා තොගයක් වෙනත් රටකට අපනයනය කිරීම ඉතාලිය විසින් අවහිර කර තිබේ.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 250,000ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම වැළැක්වීම සඳහා ඉතාලිය යුරෝපා සංගම් බලතල ඉල්ලා සිටි බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතාලිය හා යුරෝපා කොමිසම එකඟ වී ඇති බවත් සඳහන් වන්නේ ලොවපුරා එන්නත් බෙදාගැනීම සම්බන්ධයෙන් යුද්ධයක පෙරනිමිති පෙන්නුම් කරමිනි.



Recommended Articles