එන්නත් මිශ්‍රකර ගැලපීම ගැන WHO වෙතින් අනතුරු ඇඟවීම්


විවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවතින්නේ අල්ප දත්ත ප්‍රමාණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අනතුරු අඟවයි.

"එය ටිකක් භයානක ප්‍රවණතාවක්. අප සිටින්නේ මිශ්‍ර හා ගැළපෙන තාක් දුරට එන්නත් ලබාදීම ගැන දත්ත රහිත හෝ සාක්ෂි රහිත කලාපයක" යැයි සෞම්‍යා ස්වාමිනාදන් අතථ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

"ඒ වගේම එන්නත්වල දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි මාත්‍රාව ගන්නේ කවදාද සහ කවුරුන්ද යන්න තීරණය කිරීමට පුරවැසියන් තීරණය කළහොත් එය රටවල් තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කරනු ඇති." ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



Recommended Articles