එන්නත් ජාතිකවාදයට විරුද්ධ වන්න යැයි චීනය ඉල්ලා සිටියි


පර්යේෂණ හා සංවර්ධනය මෙන්ම, එන්නත් හා ඖෂධ සාධාරණ ලෙස බෙදාහැරීම සම්බන්ධයෙන් පෘතුගාලය හා අනෙකුත් යුරෝපීය රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය සූදානම් බවත්, එන්නත් ජාතිකවාදයට සහ දේශපාලන වෛරසයට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී අද (22දා) පෘතුගාලයෙන් ඉල්ලා සිටියේය.

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ අගනුවර වන චෙංඩු හි විදේශ අමාත්‍යවරුන්ගේ මට්ටමේ පළමු වැනි වටයේ උපාය මාර්ගික සංවාදයක් පැවැති අවස්ථාවේදී වැන්ග් විසින් පෘතුගීසි රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඔගස්ටෝ සැන්ටොස් සිල්වා වෙත මෙසේ පවසන ලදී.

කොවිඩ්-19 පැතිරයාම ආරම්භයේ සිට චීනය සහ පෘතුගාලය දුෂ්කර අවස්ථාවලදී එකිනෙකාට සහයෝගය ලබාදී ඇති අතර, දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය කාලය සමග පරීක්ෂාවට ලක්ව ඇති බවත්, නව අවස්ථා විවර කරදී ඇති බවත් වැන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles