එන්නත් බලපත්‍ර භාවිතයට එරෙහිව ස්වීඩනයේ විශාලතම නගර දෙකෙහි දහස් ගණන් ජනයා පෙළපාලි ගිය අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා විශාල පොලිස් කණ්ඩායම් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
නාසි කණ්ඩායම් සහ ඔවුන්ට විරුද්ධ පිරිස් අතර ස්ටොක්හෝම් හි පැවති පෙලපාලියේදී යම් ගැටුමක් ඇතිවිය හැකි බවට පොලීසිය කණස්සල්ල පළ කරන්නට විය.
9,000ක පමණ ජනතාවක් ස්ටොක්හෝම් අගනුවර වීදි ඔස්සේ සර්ගල්ස් ටෝර්ග් චතුරශ්‍රය වෙත ගමන් කළේ නිදහසේ ව්‍යාපාරය ලෙස හඳුන්වන කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී "එන්නත් බලපත්‍ර එපා, නිදහස දෙන්න" යනුවෙන් හඬ නගමිනි.
පෙළපාලිකරුවන්ගෙන් අයෙකු වූ ජූලියා ජොහැන්සන් පැවසුවේ එන්නත් ලබාදීම බොහෝ මිනිසුන්ට වෙනස් කොට සලකන බවයි.
"අපේ ශරීරයට කුමක් කළ යුතුද යන්න අප විසින්ම තීරණය කිරීමට අපට හැකි විය යුතුයි" ඇය AFP වෙත පැවසුවාය.
ස්කැන්ඩිනේවියානු රාජ්‍යය පසුගිය දෙසැම්බර් 1 වැනි දින එන්නත් අවසර පත්‍ර හඳුන්වා දෙන ලදී.
පසුගිය සතිය තුළ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් පමණ එරටින් වාර්තා වී ඇති අතර, පෙර නොවූ විරූ ආසාදන වැඩිවීමක් සමග රට සටන් කරන බැවින්, පුද්ගලයින් 50කට වැඩි පිරිසකගේ ගෘහස්ථ ඒකරාශී වීම් සඳහා පසුගිය ජනවාරි 12 සිට එම බලපත්‍රය අනිවාර්ය වේ.
මේ වනවිට වයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.