එන්නත් අනුපාතය ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු සීමා ලිහිල් වේ


එන්නත් කිරීමේ අනුපාතය ඉහළ යාමත් සමග මාස ගණනක් නිවෙස්වල රැඳුණු ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ජනතාවගේ සීමා ලිහිල් වෙද්දී දරුවන් පාසල් වෙත පැමිණීම ආරම්භ වන බවද කියයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් සඳහා ලබාදී ඇති එන්නත් අනුපාතය 80%කට ළඟවීමෙන් පසු කාර්යාලවල මුඛ ආවරණ පැලඳීම තවදුරටත් අනිවාර්ය නොවන අතර වැඩි දෙනෙකුට නිවෙස්වල සහ එළිමහනේ රැස්වීමට අවසර දෙනු ඇත.

වසංගතය මධ්‍යයේ මෙම පියවර ගත් නිසා ඉදිරි සති කිහිපය තුළ රෝගීන්ගේ වැඩිවීමක් බලධාරීන් බලාපොරොත්තු වෙයි. එහිදී සැලසුම් කළ සීමා ලිහිල් කිරීමේ මාලාවේ නවතම තත්ත්වය නම් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වෛරසය සමඟ ජීවත් වීමේ ක්‍රමවේදයට මාරු වීමයි.



Recommended Articles