එන්නතක් තිබුණත් කොවිඩ් පාලනය විශාල අභියෝගයක්


එන්නතක් නොමැතිව කෝවිඩ්-19 වසංගතය පාලනය කර ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳ සැක පහළ කරන එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි, එන්නතක් තිබුණත් වෛරසය පාලනය විශාල අභියෝගයක් බව අවධාරණය කරයි.

"මේ වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේදී ඉතා සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්වනවා. ඒ නිසා එන්නතක් නොමැතිව අපට ස්ථිර, තිරසාර පාලනයක් ලැබේද යන්න ගැන මට පැහැදිලි සැකයක් තිබෙනවා."

"කොහොම වුණත් එන්නතක් තිබුණත් එය පාලනය කර තබා ගැනීම සැබෑ ගැටළුව වන්නේ, මේ කොවිඩ්-19 වෛරසය අප අත්විඳ ඇති අනෙකුත් වෛරස් මෙන් නොවන නිසයි." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් පැවසුවේය.

ඔහු සඳහන් කරන්නේ ලෝකටයම කොවිඩ්-19 එන්නතක් සඳහා හදිසියක් තිබුණද, එය ආරක්ෂිත හා ඵලදායී එන්නතක් විය යුතු බවයි. එසේ නොවුණහොත් ජනතාව එන්නත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය සෘණාත්මක විය හැකි බවද ඔහු සඳහන් කළේය.



Recommended Articles