අලුතින් සොයාගත් කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් යනු මිනිසුන්ට එන්නත් විද ගැනීමට බලකෙරෙන පැහැදිලි ඇමතුමක් බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග නිලධාරි ඇන්තනි ෆවුසි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.
මෙතෙක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඔමික්‍රෝන් සම්බන්ධ සිද්ධීන් හඳුනාගෙන නොමැති නමුත් එය අනිවාර්යයෙන්ම රටට පහර දෙනු ඇති බව ෆවුස් කීවේය.
"අපි කවුරුත් දන්නා පරිදි, ඔබට දැනටමත් රටවල් කිහිපයකට පැතිරී ඇති වෛරසයක් ඇති විට, එය අනිවාර්යයෙන්ම මෙහි (ඇමෙරිකාව්) පවතිනු ඇති" ඔහු එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.