එක්සත් රජධානියේ ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් මේ වනවිට රටපුරා ඉන්ධන හල් අසල දිගු වාහන පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර බ්‍රිතාන්‍ය රජය සඳුදා සිට එරට හමුදාවේ යුද ටැංකි රියදුරන් 100ක්ද ඇතුළුව රටේ ඉන්ධන අර්බුදයට සහාය වීම සඳහා හමුදා භටයින් 200ක් සක්‍රීය රාජකාරියේ යොදවා ඇති බව නිවේදනය කළේය.
එමෙන්ම ඉන්ධන බවුසර පැදවීම සඳහා මේ සතියේදී හමුදා භටයින් පුහුණුවීම්වල යෙදී සිටින බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම පියවර ගැනීම පූර්වාරක්ෂාවක් ලෙස පවසන බ්‍රිතාන්‍ය රජය, ඉන්ධන හල්වල ඉන්ධන හිඟය ස්ථාවර වීමට පටන් ගෙන ඇති බවද සඳහන් කරයි.
මාර්තු මස අවසානය දක්වා විදේශීය ඉන්ධන ටැංකි රියදුරන් 300 දෙනෙකුට වහාම එක්සත් රාජධානියේ වැඩ කළ හැකි බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය රජය, හිඟය සමඟ කටයුතු කිරීම සඳහා යුරෝපීය ට්‍රක් රථ රියදුරන් සඳහා 'තාවකාලික' වීසා 5,000 ක් පමණ හඳුන්වා දී ඇති බවද කියයි.