වසංගතය ආරම්භයේ සිට එක්සත් රාජධානිය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10ක් ඉක්මවා ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
රජයේ දත්ත වලට අනුව, නවතම ආසාදන රැල්ලේ ගෙවුණු දිනයේ දෛනික සංඛ්‍යාලේඛනවල ධනාත්මක බව පරීක්ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි.
මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ගෙවුණු දිනයේ කොවිඩ්-19 ආශ්‍රිතව තවත් පුද්ගලයින් 147දෙනෙකු මියගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.
පසුගිය දින හතට සාපේක්ෂව නොවැම්බර් 19දා සහ නොවැම්බර් 25දා අතර වාර්තා වූ ආසාදන සිද්ධීන් 9.5%කින් ඉහළ ගොස් ඇති බවද දත්ත පෙන්වා දෙයි.