එක්සත් රාජධානියෙන් තවත් වෛරස ප්‍රභේදයක් වාර්තාවේ


කොරෝනා වෛරසයේ තවත් කරදරකාර විකෘතියක් වූ නව ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති බව එරට පර්යේෂකයන් පවසයි.

B.1.525 නම් වූ මෙම ප්‍රභේදය මේ දක්වා ඩෙන්මාර්කය, නයිජීරියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 10ක ජානමය අනුක්‍රමණය මගින් අනාවරණය වී ඇති බව එඩින්බරෝ විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් 2020 දෙසැම්බර් දක්වා සම්පලවලින් මේ දක්වා රෝගීන් 38ක් සොයාගෙන ඇති අතර, එහිදී විශේෂයෙන් වේල්සයේ ආසාදිතයන් දෙදෙනෙක් සහ එංගලන්තයේ 36ක් හඳුනාගෙන ඇත.



Recommended Articles