එක්සත් රාජධානියට මිනිසුන් ජාවාරම් කළ අය අත්අඩංගුවට


ලොරි රථවල සඟවා එක්සත් රාජධානියට මිනිස් ජාවාරම් සංවිධානය කළ පුද්ගලයින් 15 දෙනෙකු නීතියේ රැහනට කොටුකර ගැනීමට සමත්ව තිබේ.

බෙල්ජියමේ ගෙන්ට් නගරයේ හෝටලයක් වැටලීමේදී ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට සූදානමින් සිටි ඇල්බේනියානු ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරමේ සුලමුල අනාවරණය වී ඇත.

29 හැවිරිදි ඇල්බේනියානු ජාතික ජාවාරම් කල්ලියේ නායකයා එම නගරයේදීම අත්අඩංගුවට ගනු ලැබූ අතර, එය තවත් අත්අඩංගුවට ගැනීම්වලට හේතු වී තිබේ.

අත්අඩංගුවට ගත් අයගෙන් 12 දෙනෙක් බෙල්ජියම් ජාතිකයන්ද, දෙදෙනෙකු එංගලන්ත සහ අයෙක් ජර්මානු ජාතිකයෙකු වෙයි.

විමර්ශනයට නායකත්වය දුන් බෙල්ජියම් ෆෙඩරල් පොලිසිය එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇත.



Recommended Articles