බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් 104) ඉක්මවා උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, මෙම ඵෙතිහාසික දිනය සනිටුහන් වන්නේ ඉහළ උෂ්ණත්වය සමග වැඩිවන ජීවිත හානි මෙන්ම, ලැව්ගිනිවල වැඩිවීමක් හා සංචාරයන් අවුල්සහගත කරමිනි.
නිල වශයෙන් මෙතෙක් පැවති උණුසුම්ම දිනය ලෙස අඟහරුවාදා දහවල් 12.50 ට හීත්රෝ ගුවන්තොටුපළේ සෙල්සියස් අංශක 40.2ක උෂ්ණත්වයක් වාර්තා කර තිබුණි.
දැනටමත් මෙය ජාතික හදිසි අවස්ථාවක් ලෙස සලකනු ලැබ ඇති අතර, පෙර නොවූ විරූ තාප තරංගය, අඟහරුවාදා රටේ අගනුවර තත්ත්වය දරාගත නොහැකි අවස්ථාවක් බවට පත්කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, යුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ස්පාඤ්ඤයේ ජුලි 10 සිට ජූලි 16 දක්වා කාලය තුළ පුද්ගලයින් 510දෙනෙකු තාප තරංගයට ගොදුරු වූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.