එක්සත් ජනපදයේ කොවිඩ් මරණ මිලියන 1ක් ඉක්මවයි


2020 මාර්තු මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 පැතිර යාම ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග මේ වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.

ලෝකයේ තනි රටක් ලෙස වසංගතයෙන් වැඩිම ජීවිත හානි සිදුවූයේද එක්සත් ජනපදය ආශ්‍රිතව වන අතර, තවමත් නිමාවක් නොදුටු වසංගතය හමුවේ මෙම අගයන් ඉදිරියේදී කවරාකාර වනු ඇතිද යන්න කිසිවෙකුට අදහසක් නැත.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට වසංගතයේ ගෝලීය මරණ සංඛ්‍යාව පහළ අගයකට පැමිණ තිබුණද, ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේද විසින් ඇතිකරන අවදානම තවම තක්සේරු කර නැත.



Recommended Articles