එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිතයන් සඳහා තවත් වාර්තාවක් තබා ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5ක සීමාව ඉක්මවා තිබේ.
රොයිටර් විශ්ලේෂණයකට අනුව, ඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, එක්සත් ජනපදය COVID-19 ආසාදිතයන්ගෙන් මේ වනවිට ලොව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයයි. මේ අතර රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 160,000ක් ඉක්මවා වාර්තා වන අතර, එය ලෝකයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.
මේ අතර ඇමෙරිකාවේ ඉහළම බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි මේ සතිය මුලදී බලාපොරොත්තුවක් ලබා දුන්නේ ඵලදායී එන්නතක් වසර අවසානයේදී ලබාගැනීමට හැකිවනු ඇති බවටය.
මේ අතර, නව කොරෝනා වසංගතයෙන් හානියට පත් ඇමරිකානුවන්ට ආර්ථික සහනයක් ලබාදීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගවලට අත්සන් තැබීමත් සමග ධවල මන්දිරය, කොංග්‍රසය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තවමත් අපොහොසත් වී ඇත.