උද්ධමනය, යුක්රේනයේ ගැටුම සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදය වෙත ක්‍රමිකව ඉදිරි අවදානම් වැඩි කළ හැකි බව ජේ පී මෝගන් බැංකුවේ විධායක ජැමී ඩිමොන් සිය කොටස් හිමියන් වෙත යවන වාර්ෂික ලිපියේ සඳහන් කර තිබුණේ එරට ආර්ථිකයේ අනපේක්ෂිත ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවමිනි.
ඩිමොන්ට අනුව, යුරෝපයේ ගැටුම පුපුරා යාමෙන් බොහෝ කරුණු කාරණා වෙනස් වී ඇත. වෙළෙඳපොළවල් කඩා වැටීම, සන්ධාන බෙදීයාම සහ ගෝලීය වෙළෙඳ රටා ප්‍රතිව්‍යුහගත කිරීම යන තත්ත්වයන් එක්සත් ජනපදයට සහ අනෙකුත් රටවලට අවදානම් ගෙන දෙන තත්ත්වයන් බව හෙතෙම සඳහන් කළේය.
"යුක්රේනයේ යුද්ධය සහ රුසියාවට එරෙහි සම්බාධක අවම වශයෙන් ගෝලීය ආර්ථිකය මන්දගාමී වනු ඇති. එය පහසුවෙන් නරක අතට හැරීමට ඉඩ තිබෙනවා" ඩිමොන් පැවසීය.
විශාලතම එක්සත් ජනපද බැංකුවේ ප්‍රධානියා ගැටුම අවසන් වන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව සහ සැපයුම් දාමයන් කෙරෙහි එහි බලපෑම, විශේෂයෙන් බලශක්ති සැපයුම් සම්බන්ධවද කතා කර තිබුණි.