එක්සත් ජනපදය පුරා තවත් සමූහ වෙඩි තැබීම් සිදුවෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ටෙනසිහි චැටනූගා හි රාත්‍රී සමාජ ශාලාවක පිටත සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 14දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර තුන්වැන්නා වාහනයක ගැටීමෙන් ජීවිතය අහිමි වූ බව චැටනූගා පොලිස් ප්‍රධානී සෙලෙස්ටේ මර්ෆි වාර්තාකරුවන්ට පැවසීය.

විමර්ශකයින් විශ්වාස කරන්නේ වෙඩික්කරුවන් කිහිප දෙනෙකු සිට ඇති බවයි. පසුගිය සති අන්තයේදී, ගැටුමකදී චැටනූගා නගරයේදී යෞවනයන් හය දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක්ද වාර්තා විය.

චැටනූගා හි නවතම වෙඩි තැබීම වාර්තා වූයේ ෆිලඩෙල්ෆියා හි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලා ප්‍රදේශයක මිනිසුන් තිදෙනෙකු මරා දමා තවත් 11දෙනෙකුට තුවාල කළ සිද්ධියෙන් පැය කිහිපයකට පසුවය.

පුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.



Recommended Articles