එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයත් සමග එක්සත් ජනපදය විසින්ම තායිවානය අවට ආතතීන් ඇවිල වූ බව ක්‍රෙම්ලිනය පවසයි.
"තායිවානය වටා ඇති ආතතීන් කෘත්‍රිමව ඇති කරන ලද්දක්. නැන්සි පෙලෝසිගේ පැමිණීමෙන් ඒ කුපිතකරවීම සිදුකළ බව හොඳින් පැහැදිලි වෙනවා” ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.
“එය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ගමනක්” තායිවානය අසල බීජිං විසින් දියත් කරන ලද හදිසි හමුදා අභ්‍යාසය “චීනයේ ස්වෛරී අයිතිය” බව පෙස්කොව් පැවසීය.
බීජිං හි දැඩි විරෝධතා නොතකා, පෙලෝසි සිය ආසියානු සංචාරයේ කොටසක් ලෙස අඟහරුවාදා සවස තායිපේ වෙත පැමිණි අතර, වසර 25කින් පසුව ස්වයං පාලන දිවයිනට පැමිණි එක්සත් ජනපද ඉහළම නිලධාරියා බවට පත් විය. චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන අතර එය ස්වාධීන රාජ්‍යයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමට විරුද්ධ වේ.
පෙලෝසිගේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් බීජිං හමුදා අභ්‍යාසයක් නිවේදනය කළේය. එය චීන රාජ්‍ය මාධ්‍ය විස්තර කළේ, “යළි එකමුතු කිරීමේ මෙහෙයුමක්” සඳහා පෙරහුරුවක් ලෙසිනි.