ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට බ්‍රෙට් කෙවනෝහ් පත් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ධවල මන්දිරයේ සිට මෙම පත්කිරීම නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් අතිශය සුවිශේෂී නීතිවේදියෙකු නම් කර ඇති බවයි.
කොලොම්බියා දිස්ත්‍රික් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි බ්‍රෙට්, හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ හිටපු උපදේශකයෙකු ලෙසද සැලකෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කතාබහට ලක්වන ගබ්සාව, ගිනිඅවි සහ සංක්‍රමණික ආදී වූ සියලු ප්‍රශ්න වෙත පිළියම් සෙවීමේ තීරණයක් ලෙසත් මෙම පත්කිරීම හඳුන්වා තිබේ.
නීතිය යටතේ සැමට සාධාරණත්වය ඉටුකිරීමට කැපවීමේත්, අසමසම දැනුමකිනුත්, අඳුරු නොවූ අතීතයකුත් හිමි අයෙකු ලෙස බ්‍රෙට් හැඳින්විය හැකි බවද ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකාවේ උපරිමාධිකරණය වෙත ට්‍රම්ප් විසින් පත් කළ දෙවැනි පත්කිරීම මෙය වුවත්, ට්‍රම්ප්ගේ අතීතයේ ඔහු රියැලිටි තරුවක්ව සිටියදී සිදුකළ වැඩසටහන්වල මෙන් අවසන් මොහොතේ අදාළ පුද්ගලයා භූමිකාවෙන් ඉවත් කරන තුරු ඔහුව ඉතා ඉහළින් මුරුංගා අත්තේ තැබීමේ පිළිවෙතක් ට්‍රම්ප් අනුගමනය කරන බව විදෙස් විචාරකයෝ පවසති.
81 වැනි වියෙහි පසුවන විනිසුරු ඇන්තනී කෙනඩි වෙනුවට මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඔහු තම ධුරයෙන් විශ්‍රාම යන බව පසුගිය මාසයේදී නිවේදනය කර තිබුණි.