ලොව ප්‍රමුඛතම වෛරස් දඩයම්කරුවෙකු ලෙස හැඳින්වෙන එක්සත් ජනපද විශේෂඥයෙකු චීනය වෙත පැමිණ තිබේ.
ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වසංගතවේද පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ඩබ්ලිව්. ඉයන් ලිප්කින්ය. එමෙන්ම ඔහු මහජන සෞඛ්‍ය පිළිබඳ කොලොම්බියා හි ආසාදන හා ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයාද වෙයි.
වෛද්‍ය ලිප්කින් මීට වසර 17කට පෙර චීනයට පැමිණියේ සාර්ස් වෛරසය සමග සටන් කිරීම සඳහාය.
මෙවර ඔහුගේ සතියක සංචාරයේදී ඔහු වුහාන් වෙත යෑමක් සිදු නොවන අතර, ඒ වෙනුවට ගුවැන්ෂු සහ බීජිං හි ඔහු රැඳී සිටිනු ඇත.
"මම වුහාන් වෙත යෑමට බලාපොරොත්තු වුණේ නැහැ. මොකද වුහාන් වෙත ගියා නම් මට ඉතා පහසුවෙන් නැවත එක්සත් ජනපදයට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. (නිරෝධායකයන්ට ලක්වීමට සිදුවන නිසා) එසේ වුණේ නම් එය මගේ වැඩකිරීමේ කාලයට බාධාවක් වෙන්න තිබුණා. කොහොම වුණත් මම වුහාන් වෙත ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් අවාසනාවකට මට ඒ අවස්ථාව ලබාගැනීමට නොහැකි වුණා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.