එක්සත් ජනපද ප්‍රාන්තයන්ගේ අඩක සරසවි හා උසස් විද්‍යාල ආශ්‍රිතව කොවිඩ්-19 පැතිරිලා


එක්සත් ජනපදයේ උසස් විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් යළිත් අධ්‍යාපනය හැදෑරීමට තම අධ්‍යාපන ආයාතන වෙත පැමිණියද, මේ වනවිට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 24ක එම අධ්‍යාපන ආයතන ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය පැතිර ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට අදාළ උසස් විද්‍යාල හා විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා ඒවායෙහි කාර්ය මණ්ඩලය අතර කොවිඩ්-19 ආසාදිතයන් 3,300කට වඩා වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව,
ඇලබාමා හි ඇබර්න් විශ්ව විද්‍යාලය, ජැක්සන්විල් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ ඇලබාමා විශ්ව විද්‍යාලය,
ඇරිසෝනා හි ඇරිසෝනා විශ්ව විද්‍යාලය,
කොලරාඩෝ හි කොලරාඩෝ විද්‍යාලය සහ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලය,
කනෙක්ටිකට් හි කනෙක්ටිකට් විශ්ව විද්‍යාලය,
ෆ්ලොරිඩා හි ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය,
ජෝර්ජියා හි ජෝර්ජියා විද්‍යාලය, ජෝර්ජියා විශ්ව විද්‍යාලය සහ ජෝර්ජියා ටෙක් විද්‍යාලය,
ඉන්දියානා හි නෝත්‍රො දාම් විශ්ව විද්‍යාලය සහ පර්ඩියු විශ්ව විද්‍යාලය,
අයෝවා හි අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය,
කැන්සාස් හි කැන්සාස් විශ්ව විද්‍යාලය,
කෙන්ටකි හි මුරේ රාජ්‍ය විශ්ව විද්‍යාලය, කෙන්ටකි විශ්ව විද්‍යාලය සහ වෙස්ට් කෙන්ටකි විශ්ව විද්‍යාලය,
මේරිලන්ඩ් හි ටොව්සන් විශ්ව විද්‍යාලය,
මැසචුසෙට්ස් හි බොස්ටන් විශ්ව විද්‍යාලය සහ එමර්සන් විද්‍යාලය,
මිචිගන් හි මධ්‍යම මිචිගන් විශ්ව විද්‍යාලය,
මිසිසිපි හි නෝත්ඊස්ටන් මිසිසිපි ප්‍රජා විද්‍යාලය, මිසිසිපි විශ්ව විද්‍යාලය සහ මිසිසිපි කාන්තා විශ්ව විද්‍යාලය,
මිසූරි හි මිසූරි විශ්ව විද්‍යාලය සහ මිසූරි ප්‍රාන්ත විශ්වවිද්‍යාලය,
නිව්යෝක් හි සිරකූස් විශ්ව විද්‍යාලය,
උතුරු කැරොලිනා හි ඊස්ටන් කැරොලිනා විශ්ව විද්‍යාලය, නෝර්ත් කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, චැපල් හිල්හි නෝර්ත් කැරොලිනා විශ්ව විද්‍යාලය සහ ඩියුක් විශ්වවිද්‍යාලය,
ඔහියෝ හි ඩේටන් විශ්ව විද්‍යාලය,
ඔක්ලහෝමා හි ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ ඔක්ලහෝමා විශ්ව විද්‍යාලය,
පෙන්සිල්වේනියා හි පෙන්සල් විශ්ව විද්‍යාලය,
ටෙනසි හි ටෙනසි ​​විශ්ව විද්‍යාලය,
ටෙක්සාස් හි ටෙක්සාස් ටෙක් විද්‍යාලය,
වර්ජිනියා හි වර්ජිනියා ටෙක් විද්‍යාලය,
බටහිර වර්ජිනියා: වෙස්ට් වර්ජිනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, ආදී උසස් විද්‍යාල හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිතයන් හමුවී තිබේ.

එමෙන්ම මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 178,500ක සීමාවට පැමිණ ඇති අතර, එක්සත් ජනපදයේ අවම වශයෙන් 5,777,000 ඉක්මවූ නව කොරොනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්ත තහවුරු කරයි.



Recommended Articles