එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් F-35 යානයක් උටාහ් හි සෝල්ට් ලේක් සිටි අසල ධාවන පථයක් අවසානයේ දී කඩා වැටුණු බව නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදුවන විට ගුවන් නියමුවා පිටතට ඉපිලී ඇති අතර හදිසි කාර්ය මණ්ඩලය එම ස්ථානයට ප්රතිචාර දක්වමින් සිටින බවද එම වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ගුවන් නියමුවාගේ තත්ත්වය වහාම ලබා ගත නොහැකි බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.