එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (NIH) හි ප්‍රකාශයකට අනුව, සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති සහ බූස්ටර එන්නත් දෙකක් ලබා ඇති 81 හැවිරිදි වෛද්‍ය ඇන්තනී ෆවුසිට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
ෆවුසි මෑතකදී ජනාධිපති ජෝ බයිඩන් හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සමග සමීප හමුවක් පවත්වා නොමැති බවද කියයි.
ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී ඔහු ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට වෛද්‍ය ෆවුසි මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ඔහුගේ වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් හුදකලාව රැඳී සිටින බව කියයි.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොමැති අතර, යම් ලෙසකින් පසුව ඔහු ඍණාත්මක පරීක්ෂණයක් කළ විට නැවත NIH හි සේවයට පැමිණෙනු ඇති බවද විශ්වාස කෙරෙයි..
වෛද්‍ය ඇන්තනී ෆවුසි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක සහ ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂවරයාද වෙයි. ඔහු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ධවල මන්දිරයේ කොරෝනා වයිරස් කාර්ය සාධක බලකායේ ප්රමුඛ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළේය.