එක්සත් ජනපද කොවිඩ් මරණ 900,000ක් පනියි


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොවිඩ්-19 දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානයට අනුව සිකුරාදා දිනයේදී එරටින් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 900,000ක සීමාව ඉක්මවා ගොස් තිබේ.

ලෝකයේ කොරෝනා වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වූ රාජ්‍යයක් ලෙස එක්සත් ජනපදය සැලකෙන අතර, වසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්‍ර කරන ලදී.

අවසානයේදී ලෝකයේ බලවත්ම රාජ්‍යයක ලෙසත්, කොවිඩ්-19 වසංගතයට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් සිය ජනතාවට මුල සිටම ලබාදීමට එක්සත් ජනපදය අපොහොසත් වූ බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 



Recommended Articles