එංගලන්තයේ නව යොවුන් දරුවන්ට එන්නත් විදීමට යයි


එංගලන්තයේ වයස අවුරුදු 16 සහ 17 හැවිරිදි සියලුම නව යොවුන් වියේ දරුවන් සඳහා ඔවුන්ගේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත මාත්‍රාව අගෝස්තු 23දා වනවිට වෙන් කරවා ගැනීමේ අවස්ථාව ලබාදෙන බව රජය පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම දිනය වනවිට එන්නත් ලබා දීමෙන් ලබන මාසයේ පාසල් හෝ උසස් විද්‍යාල ආරම්භ කිරීමට පෙර නව යොවුන් වියේ දරුවන්ට යම් ආරක්ෂාවක් ලබාගත හැකි බවයි.

ඒ අනුව ඔවුන්ට ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානය සොයා ගැනීමට උපකාර කිරීම සඳහා වූ වෙබ් අඩවියක් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය විසින් සපයා දී තිබේ.

මෙම වයස් කාණ්ඩයේ නව යොවුන් වියේ දරුවන්ට ප්‍රථම වරට එන්නත් මාත්‍රාවක් පිරිනැමීම මේ මස මුලදී සිදුවූ අතර,  වැඩිහිටි වයස් කාණ්ඩ මෙන් නොව, ඔවුන්ට දෙවැනි මාත්‍රාවක් නියම කර නොතිබුණි.



Recommended Articles