එංගලන්තය අවුරුදු 12 - 15 දරුවන්ට එන්නත් විදීමට යයි


සරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.

මෙම තීරණය අගමැති බොරිස් ජොන්සන්ගේ "සරත් සහ ශීත සැලැස්මේ" කොටසකි. වඩාත් අවදානමට ලක්වූවන්ට කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා තහවුරු කරන අතර, ඉදිරි මාසවලදී එරට සෞඛ්‍ය සේවය අධික පීඩනයකට මුහුණ පෑමට සිදු වුවහොත් සමහර සීමා කිරීම් නැවත හඳුන්වා දීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමට බලාපොරොත්තු වේ.

එන්නත් කෙරෙහි නව අවධානයක් යොමු කරමින් තවදුරටත් රටපුරා අගුලු දැමීම වළක්වා ගන්නේ කෙසේදැයි අගමැතිවරයා විමසිල්ලෙන් පසුවන අතර, සියලු සාක්ෂි සහ දත්ත නැවත පරීක්‍ෂා කරන බව ඔහු අවධාරණය කළේය.

“වසංගතය බොහෝ දුරට පහව ගොස් තිබෙනවා. අපගේ සුවිශේෂී එන්නත් වැඩසටහනට ස්තූතිවන්තවන්නට, නව ප්‍රතිකාර ක්‍රම සහ පරීක්‍ෂණ හේතුවෙන් අපගේ නිදහස කෙරෙහි සැලකිය යුතු සීමාවන් නොමැතිව වෛරසය සමග ඉදිරියට ජීවත් වීමට අපට හැකිවේවි. කෙසේ වෙතත් අප ලබා ඇති ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි." අගමැති ජොන්සන් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles