එ.රාජධානිය කොවිඩ් අනතුරු ඇඟවීම් මට්ටම පහළ දමලා


එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් එහි කොවිඩ්-19 අනතුරු ඇඟවීමේ මට්ටම 3 වැනි පියවර දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඉන් අදහස් කරන්නේ වසංගතය සාමාන්‍යයෙන් සංසරණය වන බවය. කෙසේ වෙතත් මීට පෙර එය පැවති 4 වැනි පියවරේදී සම්ප්‍රේෂණය ඉහළ හෝ ඝාතීය ලෙස ඉහළ යන බව හැඟවුණි.

සමාජ දුරස්ථභාවය වෙනුවෙන් එක්සත් රාජධානියේ ජනතාව තුළ පැවති කැපවීමේ උත්සාහයට සහ එන්නත් කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වයට ස්තූතිවන්ත වන්නට මේ ආකාරයෙන් ආසාදන හා මරණ අඩු වෙමින්, කොවිඩ් නිසා රෝහල් වෙත පැවති පීඩන පහත වැටී ඇති බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සිව්දෙනා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

කෙසේ වෙතත්, කොවිඩ්-19 තවමත් දිනපතා මිනිසුන් වෙත ආසාදනය වෙමින් පැතිරෙන බැවින්, මෙය ගෝලීය වශයෙන් විශාල වසංගතයක් ලෙස ව්‍යාප්ත වී ඇති බැවින්, සියලු දෙනාම අඛණ්ඩවම සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවද ඔවුහු පවසති.



Recommended Articles