එ. ජා. ආරක්ෂක මණ්ඩලය පළමු කොරෝනා යෝජනාව සම්මත කරගැනීමට සූදානම්


කොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (01දා) මාර්ගගත ඡන්ද විමසීමකින් සම්මත කර ගැනීමට අපේක්ෂා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්තු 11 වැනි දින නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අංශය විසින් කරන ලද පළමු ක්‍රියාව මෙයයි.

මිලියන 10 කට අධික ජනතාවක් වෛරසය වැළඳී ඇති අතර මාස කිහිපයක් පුරා විවිධ යුද්ධ දිගටම පැවතුන බැවින් කිසිදු ක්‍රියාමාර්ගයකට එකඟ වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සභාව පුළුල් ලෙස හෙළා දැක තිබේ.

චීනය සහ එක්සත් ජනපදය අතර උණුසුම් ආරවුලක් මාස ගණනාවක් පුරා ක්‍රියාමාර්ග අවහිර කළ අතර, එක්සත් ජනපදයට ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන කිසිදු සඳහනක් කිරීමට අවශ්‍ය නොවීය. එමෙන්ම සාකච්ඡා ආරම්භයේ මුල් මාසවලදී වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජනපදය චීනයට දොස් පැවරීම චීනය කෝප කළ සිදුවීමක් විය.

කෙසේ වෙතත් මෙම අවසාන කෙටුම්පත් යෝජනාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන සඳහනක් නොමැති අතර, එම යෝජනාව මගින් "සිය න්‍යාය පත්‍රයෙහි ඇති සෑම තත්වයක් තුළම පොදු සහ ක්ෂණික සතුරුකම් අත්හිටුවිය යුතු බවත්, මහලේකම්වරයාගේ උත්සාහයන්ට සහාය වන ලෙසත්." ඉල්ලා තිබේ.



Recommended Articles