උරුගුවේ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම ආරම්භ වේ


උරුගුවේ මැතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු බහුතර බලයක් ලබාගැනීමට අපොහොසත් වීමත් සමග එරට වැසියන් නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා දෙවැනි වටය සඳහා ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.

පසුගිය ඔක්තෝබර් 27දා පැවති පළමු වටයේ ඡන්දයෙන් මධ්‍ය වාමාංශික පුළුල් පෙරමුණු පක්ෂයේ ඩැනියෙල් මාටිනස් ඉදිරියෙන් සිටි නමුත්, ඔහු බහුතර බලයක් ලබාගැනීමට අපොහොසත් විය.

ඒ අනුව, කන්සර්වේටිව් ජාතික පක්ෂයේ අපේක්ෂක ලුවිස් ලකාලේ සමග ඔහු දෙවැනි වටයේ ඡන්ද විමසීමට ඉදිරිපත්ව යළිත් තරග කරයි.

මෙවර මැතිවරණයේදී රටේ ආර්ථිකය යහපත් අතට හැරවීම ජනතාවගේ බලාපොරොත්තුව වී ඇති අතර, දෙවැනි වටයේදී වඩාත් සුදුසු අපේක්ෂකයා නම්වනු ඇති බවත්, මාටිනස් වෙත වැඩි බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles