උයිගුර් මුස්ලිම් අයිතිය ඉල්ලා ඇමෙරිකාවෙන් චීන වීසාවට සීමා


චීනයේ උයිගුර් මුස්ලිම් ජනගහනය මර්දනය කිරීමට චීනය කටයුතු කරන බව පවසමින්, එක්සත් ජනපදයේ සංචාරය කරන චීන නිලධාරීන්ගේ වීසා බලපත්‍රවලට සීමා පැනවීමට කටයුතු කර තිබේ.

ෂින්ජියැන්ග් කලාපයේ ජීවත් වන උයිගුර් වැසියන් පීඩාවට පත්කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා සම්බන්ධ චීන සංවිධාන 28ක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට සඳුදා ඔවුන් ගත් තීරණයෙන් පසුව මෙම වීසා සීමාවද පනවා ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසුවේ චීන රජය විසින් අතිශය මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, චීනය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

චීන රජය විසින් උයිගුර්, වාර්ගික කසකස්තාන, කිර්ගිස් යන මුස්ලිම් ප්‍රජාවන් සහ අනෙකුත් සුළුතර මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වපුරුවන බව ප්‍රකාශයක් නිකුත් කරමින් පොම්පෙඕ වැඩිදුරටත් පවසා ඇත.



Recommended Articles