උපස්ථාන කළ රෝගීන් 85ක් මැරූ ජර්මානු හෙදියෙකුට මරණ දඬුවම්


උතුරුදිග ජර්මනියේ හිටපු හෙද වෘත්තිකයෙකු ඔහු අතින් උපස්ථාන ලැබූ රෝගීන් 85 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත්ව තිබේ.

විනිසුරු සෙබස්තියන් බොර්මන් පවසා සිටියේ මෙම ඝාතනය සාමාන්‍යයෙන් තේරුම්ගැනීමට නොහැකි තරමේ එකක් බවයි.

මනුෂ්‍ය ඝාතන ද්විත්වයක් හේතුවෙන් දැනටමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳින නීල්ස් හොග්ල් නමැති මෙම සැකකරු, 1999 සිට 2005 දක්වා කාලය තුළ ඔහු උපස්ථාන කළ හදවත් රෝගීන් වෙත වැඩිපුර බෙහෙත් දීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බව හෙළි වී තිබේ.

නූතන ජර්මනියේ මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකළ තැනැත්තා ලෙස නීල්ස් නමැති මෙම සැකකරු හඳුනාගත හැකි බව පැවසෙයි.



Recommended Articles