උද්ධමනය හේතුවෙන් ග්‍රීසිය සුපිරි වෙළෙඳසැල් අත්හරියි


ග්‍රීසියේ අධික බලශක්ති පිරිවැය, උද්ධමනය සහ ඉහළ ආහාර මිල ගණන් නිසා සාම්ප්‍රදායික සිල්ලර වෙළෙඳසැල් වෙත යළිත් නැඹුරුවීමට බලකර ඇති බව කියයි.

මෑත සමීක්ෂණයකට අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමන අනුපාත 15%ක් දක්වා ළඟා වීමත් සමඟ ග්‍රීක ජාතිකයින් දස දෙනෙකුගෙන් හතක් මූලික ආහාර ද්‍රව්‍ය කපා හැර ඇති අතර, බොහෝ දෙනෙක් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටිති.

සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.

ඒ අනුව, වඩා සාධාරණ මිලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් ගොවීන් වෙත මෙන්ම, සාම්ප්‍රදායික සිල්ලර වෙළෙඳසැල් වෙත යොමුවී සිටිති.



Recommended Articles