උද්ධමනය මට්ටු කරන බව ස්වීඩනයේ නව අගමැති කියයි


අපරාධවලට එරෙහිව සටන් කිරීමටත්, ආර්ථික අවපාතය සහ ඉහළ උද්ධමනය පාලනය කරමින් රටේ ආර්ථික ප්‍රතිපත්තිය යළි ප්‍රකෘත්තිමත් කිරීමටත් අලුතින් තේරී පත් වූ ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් පොරොන්දු විය.

"අපරාධයට එරෙහි සටන ජය ගත යුතු අතර අපේ රට පුරා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කළ යුතුයි" ක්‍රිස්ටසන් පැවසීය.

ක්‍රිස්ටර්සන් අඟහරුවාදා ඔහුගේ සුළුතර සභාගයේ පක්ෂ සගයන් වන එලිසබෙත් ස්වන්ටෙසන් මුදල් ඇමති ලෙසත් ටොබියස් බිල්ස්ට්‍රෝම් විදේශ ඇමති ලෙසත් පත් කළේය.

සභාග ගිවිසුමක් ඇති කර ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දක්වන සංක්‍රමණ විරෝධී ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන් සමග ප්‍රතිපත්තිමය වේදිකාවකට එකඟ වීමට මාසයකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ස්වීඩනයේ පාර්ලිමේන්තුව සඳුදා ඔහු නව අගමැතිවරයා ලෙස තහවුරු කළේය.



Recommended Articles