උද්ධමනය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට ධුරය අහිමි වේද?


රට වැසියන්ගේ ජීවන තත්ත්වය බිඳ දමමින් ඇති උද්ධමන අර්බුදය සමනය කිරීම සඳහා තම පක්ෂයට නිවැරදි නායකත්වයක් ඇති බව ඡන්දදායකයන්ට ඒත්තු ගැන්වීමට එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට නොහැකි වුවහොත්, මීළඟ මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වනු ඇති බව නවතම මත විමසුමකින් අනාවරණය වෙයි.

ඩේල්මේල් සඳහා පවත්වන ලද මත විමසුමකින් මෙය හෙළිවි ඇති අතර, උද්ධමන අර්බුදය කළමනාකරණය කිරීමට හොඳම පක්ෂය ලෙස ඡන්දදායකයන්ගෙන් 24%ක් පමණක් වත්මන් අගමැතිවරයා තෝරාගෙන ඇත. නමුත් විපක්ෂ කම්කරු පක්ෂය තෝරා ගත් පිරිස 39%ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90%ක් ප්‍රකාශ කළ පරිදි, ඉහළ යන මිල ගණන් සමග මෙම ප්‍රශ්නය මැතිවරණයකින් කෙළවර වනු ඇති බව සමීක්ෂණය පෙන්වා දෙයි.

අපේ‍්‍රල් සිට මාස 12 තුළ එරට උද්ධමනය වසර 40ක ඉහළම අගය වන 9%ක් දක්වා වේගවත් වූ බව එක්සත් රාජධානියේ රජය මේ සතියේ වාර්තා කළේ බොහෝ බි‍්‍රතාන්‍යයන්ගේ ජීවන රටාව අඩාල කරමිනි. එරට වැසියන් 10දෙනෙකුගෙන් 06දෙනෙකු දැනටමත් පිටතට යාමට වඩා නිවසේ වැඩි කාලයක් ගත කිරීමට පටන් ගෙන ඇති අතර, 51%ක් උෂ්ණත්වය පවත්වා ගැනීමට හීටර් භාවිත නොකර උණුසුම් කබා වැඩි ප්‍රමාණයක් ඇඟලාගෙන සිටින බව කියයි.



Recommended Articles