ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයන් එරට සමාජ දුරස්ථකරණ සීමා ඉවත් කරමින් සිටියද, එරට ක්‍රියාත්මක උද්ඝෝෂණ සමග ඇමෙරිකානු ප්‍රාන්තවලින් අඩකට වැඩි ප්‍රමාණයක ආසාදිත අනුපාතයේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව මෙම ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වෛරසයට ගොදුරුව ඇති අතර, 110,000කට වැඩි පිරිසක් මාස හතරක් තුළ වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත මරණ සංඛ්‍යාව අද (09දා) උදෑසන දැක්වූයේ 1,956,499ක් ලෙසිනි. එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 110,932ක් ලෙසිනි.