උතුරු වෙනිසියුලාවේ කැරකස් සිට කිලෝමීටර් 80ක් දුරින් පිහිටි එල් කැස්තානෝ ප්‍රදේශයේ ප්‍රබල නායයෑමක් සිදුව තිබේ.
මෙම නායයාම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පවසා සිටියි.
මීට සතියකට පෙර එරට සිදුවූ නායයාමකින් 54දෙනෙකු මිය ගොස් 08දෙනෙකු අතුරුදහන් විය.