නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුව උතුරු මැසිඩෝනියාවේ මහ මැතිවරණය නියමිත සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිත කරමින් ඊයේ (15දා) පවත්වා තිබේ.
පැරණි යුගෝස්ලාවියානු ජනරජයක් වන උතුරු මැසිඩෝනියාවෙන් මේ වනවිට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මරණ 385ක් ඇතුළුව තහවුරු වූ ආසාදිතයන් 8,200කට වඩා වාර්තා වී ඇති පසුබිමක මැතිවරණය සාර්ථකව අවසන් කිරීමට හැකිවී ඇත.
කෙසේ වෙතත් මෙවර මැතිවරණ රැළි සීමිත වූයේ සමාජ දුරස්ථ නීති පනවා තිබූ නිසා වන අතර, ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි වෛරසයක් පිළිබිඹු කළ පසුගිය මැතිවරණවලට වඩා සන්සුන් බවක් මෙවර දැකගත හැකි විය. ඡන්ද ප්‍රකාශ කිරීමේදී පවා ජනතාව මුඛ ආවරණ පැලඳ, නියමිත සමාජ දුරස්ථභාවය පවත්වමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි ආකාරය දැකගත හැකි විය.
මෙම මැතිවරණය ජාත්‍යන්තර නිරීක්ෂකයන් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ලබන අතර අවසන් ප්‍රතිඵලය අද (16දා) නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.