දකුණු කොරියානු ජනරජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් වාර්තා කළේ, උතුරු කොරියාව එරට නැගෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවයි.
මීට දින කිහිපයකට පෙරද උතුරු කොරියාව මේ ආකාරයෙන්ම තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකෙළේය.
විශේෂයෙන්ම, මෑත කාලය තුළ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් නැවත වරක් වේගවත් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.