උතුරු කොරියාව හඳුනා නොගත් අවි ද්විත්වයක් අත්හදා බැලීමක


උතුරු කොරියාව හඳුනා නොගත් යම් බර අවි ප්‍රහාර ද්විත්වයක් සාගරය වෙත යොමුකරමින් අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව කියයි.

කෙසේ වෙතත්, මෙය මිසයිල ද්විත්වයක් නම්, ඒ මෙම වසර තුළ උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීමක් සිදුරකන 12 වැනි මිසයිල අත්හදා බැලීම වනු ඇත.

මෙම බර අවි ප්‍රහාර ද්විත්වය නැගෙනහිර මුහුද වෙත පතිත වී ඇති අතර, එය ජපාන මුහුද ලෙසද සැලකෙයි.

මෙම ප්‍රහාරයන් දියත් වී තිබුණේ දකුණුදිග ප්යොන්ගැන් පළාතෙන් වන බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා විධානය පවසයි.

මෙම මස මුලදී උතුරු කොරියාව අලුත් මාදිලියේ මිසයිල අත්හදා බැලීමක් සිදුකළ අතර, එය සබ්මැරීනයක ලෙස දියත් කළ මිසයිල අත්හදා බැලීමක් විය.



Recommended Articles