උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම සිය න්‍යෂ්ටික අවි ආයුද අත්හැරීමක් සිදු නොකරනු ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ නවතම වාර්තාවකින් කියයි.
ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු කිරීමේ වාර්තාව ඉදිරිපත් කරමින් බුද්ධි අංශ පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පරිපාලනය විසින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් ගැන විශ්වාස කළත් එය සම්පූර්ණයෙන් සිදු නොවනු ඇති බවයි.
මේ අතර, අදාළ වාර්තාවට අනුව ඉරානය මේ වනවිට න්‍යෂ්ටික අවි ආයුද නිෂ්පාදනය නොකරන බවද සඳහන් කර තිබේ.
නමුත්, චීනයෙන් සහ රුසියාවෙන් සයිබර් ප්‍රහාර පිළිබඳ දැඩි අවදානමක් පවතින බවද එහි සඳහන්ව ඇත.
මෙම රාජ්‍යයන් දෙකම 2020 මැතිවරණ සම්බන්ධයෙන් අතපෙවීමක් සිදුකිරීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ.
ජාතික බුද්ධ අංශයේ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් සහ සෙසු බුද්ධි අංශ ප්‍රධානීන් විසින් අදාළ වාර්තාව සෙනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.