උතුරු කොරියාව සබ්මැරීනයක සිට කෙටිදුර මිසයිල අත්හදා බැලීමක්


එක්සත් ජනපදය සමග න්‍යෂ්ටිකහරණය පිළිබඳ සාකච්ඡා යළි අරඹන බවට උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව, උතුරු කොරියාව සබ්මැරීනක සිට බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇත.

දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ, වොන්සැන් වරාය ආසන්නයේ සිට මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, එය ජපාන මුහුදට පතිත වීමට පෙර එය කිලෝමීටර් 450ක් දුර ගමන් කර ඇති බවයි.

මෙය නිවැරදි තහවුරු කිරීමක් නම්, පසුගිය මැයි මාසයේ සිට උතුරු කොරියාව විසින් සිදුකළ අතිශය සාර්ථක කෙටිදුර මිසයිල අත්හදාබැලීමක් ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

කෙසේ වෙතත්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මෙන්ම, දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන්ද මෙම මිසයිල අත්හදා බැලීම හෙලා දැක ඇත.



Recommended Articles