උතුරු කොරියාව සබ්මැරීනයකින් දියත් කළ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව පරීක්ෂා කළ බව නිල කොරියානු මධ්‍යම ප්රවෘත්ති ඒජන්සිය තහවුරු කරයි.
වාර්තාවට අනුව, උතුරු කෙරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමිය විසින් අඟහරුවාදා උදෑසන මෙම අත්හදා බැලීම ආරම්භ කර ඇත.
මෙම නව මිසයිලය උතුරු කොරියාවේ ආරක්ෂක තාක්ෂණ දියුණුවට සහ නාවික හමුදාවේ දිය යට මෙහෙයුම් හැකියාවන්ට බෙහෙවින් දායක වනු ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මේ වසරේ මේ දක්වා උතුරු කොරියාව විසින් සිදුකළ ප්‍රධානතම මිසයිල අත්හදා බැලීම අතර අටවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පසුගිය සතියේ සම්බාධක සම්බන්ධයෙන් එක්සත් ජනපදයට දොස් පැවරූ අතර වොෂිංටනය සතුරුකමක් නැති බවට කළ ප්‍රකාශ ඉවත දැමීය.