උතුරු කොරියාව සිය ජ්‍යෙෂ්ඨ නායකත්වයට හෝ වැදගත් මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම්, රට සතු න්‍යෂ්ටික බෝම්බය භාවිත කිරීමට පසුබට නොවන බවට අනතුරු අඟවමින්, න්‍යෂ්ටික යුද්ධය සම්බන්ධයෙන් එහි ප්‍රවේශය ගෙනහැර දක්වන ලියවිල්ලක් නිකුත් කර තිබේ.
"කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුවේ න්‍යෂ්ටික බල ප්‍රතිපත්තිය" පිළිබඳ ප්‍රකාශයක් සිකුරාදා රාජ්‍ය කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) විසින් ගෙනහැර දක්වන ලදී.
එහිදී කොරියාන ආණ්ඩුව විසින් න්‍යෂ්ටික අවි "අවසාන විසඳුම" ලෙස සලකන අතරම, රාජ්‍යයේ සහ ජනතාවගේ ආරක්ෂාවට බරපතල ලෙස තර්ජනය කරන ආක්‍රමණ වැළැක්වීම සඳහා ඒවා යෙදවීමට පසුබට නොවන බවද සඳහන් කර ඇත.