උතුරු කොරියාව දෙසින් තවත් කෙටි දුර මිසයිල 8ක්


උතුරු කොරියාව එහි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කෙටි දුර බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර ඇති බව දකුණු කොරියානු ජනරජයේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයින් ජූනි 3 වැනි දින සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමත් විශේෂත්වයකි.

රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ජපානයේ ක්යෝදෝ ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ උතුරු කොරියාව බහුවිධ මිසයිල දියත් කළ බවත්, ඒවා ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයට පිටතින් ගමන් කළ බවත්ය.



Recommended Articles