උතුරු කොරියාව සිය නවතම ආරක්ෂක ශක්තිය වැඩිකිරීමේ වැඩසටහනෙහි දිගුවක් ලෙස ගුවන් යානා නාශක මිසයිලයක් අත්හදා බැලූ බව එරට නිල පුවත් ඒජන්සිය අනාවරණය කරයි.
"උතුරු කොරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් නිපදවන ලද ගුවන් යානා නාශක මිසයිලයක් අද (30දා) දින අත්හදා බැලීය" යනුවෙන් වාර්තාවේ දැක්වේ.
මෙම පරීක්ෂණයේ අරමුණ වූ තිබුණේ, මිසයිලය දියත් කිරීමේ යන්ත්‍රය, රේඩාර් සහ සවිස්තරාත්මක සටන් විධාන වාහනය මෙන්, මිසයිලයේ සවිස්තරාත්මක සටන් ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම බවද කියයි.
ද්විත්ව ආවේග සහිත පියාසර එන්ජිමක් ඇතුළත් නව තාක්ෂණයන් හඳුන්වා දුන් මිසයිල පාලන පද්ධතියක් සමග වේගවත් ප්‍රතිචාර දැක්වීම සහ නිරවද්‍යතාවයෙන් යුත් නව මිසයිලයේ කැපී පෙනෙන සටන් ක්‍රියාකාරිත්වයක් ඇකඩමිය විසින් තහවුරු කරන ලද බවද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙම අවස්ථාවට එරට නායක කිම් ජොන්ග්-උන් සහභාගී වී නැතත්, එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික අවිහරණය කිරීමේ සාකච්ඡා අතරමග නවතා දමා තිබියදී, උතුරු කොරියාව සැප්තැම්බර් මාසයේදී නැව් සහ බැලස්ටික් ආයුධ ඇතුළු මිසයිල කිහිපයක් අත්හදා බැලීය.