උතුරු කොරියාව කෙටි දුර මිසයිල ද්විත්වයක් අත්හදා බලමින් ඒවා මුහුදට පතිත වී ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා බලඇණිය පවසයි.
උතුරු කොරියාවේ නැගෙනහිර පළාතේ වොන්සාන් සිට මුහුදට මෙම මිසයිල එල්ල කර තිබුණේ අද පෙරවරු කාලයේදීය.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මින් එක් මිසයිලයක් කිලෝමීටර් 690කට වඩා වැඩි දුරක් ගමන් කර මුහුදට පතිත වූ බවයි. එය උතුරු කොරියාව හඳුන්වා දුන් නව මිසයිලයක් විය හැකි බවද ඔවුන් කියයි.
පසුගිය මස අවසාන භාගයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, කොරියානු දේශසීමා නගරයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් පසු ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වෙයි.
විශේෂයෙන්ම, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව නැවත වරක් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පිළිබඳ කතා කිරීමද උතුරු කොරියාවේ කෝප ගන්වමින් මෙවැනි මිසයිල අත්හදා බැලීමකට යොමුවූවා විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.