උතුරු කොරියාව විසින් තවත් කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව නිරීක්ෂණය කළේ යැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
කොරියානු අර්ධද්වීපය ආසන්නයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස ඇරඹීමත් සමග උතුරු කොරියාව සිය යුද ශක්තිය මෙසේ ප්‍රදර්ශනය කරමින් සිටී.
මෙම යුද අභ්‍යාසය අනෙකක් නොව, උතුරු කොරියාව ආක්‍රමණය කිරීමේ එක්සත් ජනපද හා දකුණු කොරියානු සැලසුමේ පෙරහුරුවක් බව කිම් ජොන්ග්-උන් පවසයි.
මෙම කෙටිදුර මිසයිල ද්විත්වය සාගරයට කඩා වැටීමට පෙර එය කිලෝමීටර් 620ක දුරක් සාර්ථකව ගමන් කර ඇති බවද දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරයි.